ඉන්දීය යුවලක් ගුවන්තොටුපොළේ කරපු හදියක්

Bandaranaike International Airport Sri Lanka Airport Sri Lanka India
By Zara Mar 27, 2025 04:00 PM GMT
Zara

Zara

Report

අද (27) දින කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකුද කැටුව පැමිණි වයස අවුරුදු 30ක් පමණ ඉන්දීය ජාතික යුවළක්, ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයක්ද සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම වන්නේ රුපියල් කෝටි දෙකකි.

ඔවුන් අද දහවල් 11.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , චොකලට් ඇසුරුම් තුළ ඔතා මෙම කිලෝ ග්‍රෑම් දෙකක් වන මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන පැමිණ තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය වලින් වහනය වන ගන්ධය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය පුරා පැය ගනනාවක් පැවති අතර, මෙම ඉන්දීය ජාතිකයන් මීට පෙර එක් වතාවක් මෙරටට පැමිණ ඇති රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඉන්දීය ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

රත්තරන් බඩු ගන්නවානම් දැන්ම අරන් තියාගන්න - මෙන්න අද මිල

රත්තරන් බඩු ගන්නවානම් දැන්ම අරන් තියාගන්න - මෙන්න අද මිල

පොඩ්ඩන්ගේ පාසැල් නිවාඩුවට ලැබෙන දේ මෙන්න

පොඩ්ඩන්ගේ පාසැල් නිවාඩුවට ලැබෙන දේ මෙන්න

ReeCha