බස් එක ෆුල් ලෝඩ් - කසිප්පු ගැලුම ලග තියන් වතුර වගේ බීලා - රියදුරු පොලිස් දැලේ
වැලිමඩ සිට නුවරඑලිය බස් මාර්ගයෙන් ධාවනය වූ ලංගම බස් රථයක් රියදුරා, බීමත් තත්ත්වයෙන් වාහනය මෙහෙයූ බවට සැකයක් මත අගෝස්තු 3 වන දින නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දිවුලපිටිය ඩිපෝවට අයත් මෙම බස් රථය නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතා ඇලිය ප්‍රදේශය හරහා ධාවනය වන අතරදිය, නියමිත පරීක්ෂණක් සිදුකළ පොලිස් නිලධාරීන් විසින් රියදුරා අධික ලෙස මත්පැන් නිසා මහ වී සිටින බව සනාථ කරන ලදි.
බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බස් රථය තුළ විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් කරමින් සිටිණි. පසුව, නුවරඑලිය පොලිස් නිලධාරියෙකු විසින් රථය නුවරඑලිය පොලිසිය වෙත ගෙන ගොස් පරීක්ෂා කිරීමේදී, රියදුරාගේ ආසනය පිටුපසින් නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) සහිත කෑන් එකක්ද සොයා ගන්නට ඇත.
පොලිසිය තවදුරටත් සැකකරනුයේ , රියදුරා වතුර බොන ආකාරයෙන් මත්පැන් පානය කරමින් බස් රථය පැදවූ බවයි.
මගීන්ගේ ආරක්ෂාව සලකා, නව රියදුරෙකු නුවරඑලියට කැඳවනු ලැබූ අතර, මගීන්ව ඉලක්ක ගමනාන්තය වෙත ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් බස් රථයේ කොන්දොස්තරවරයාට ලබා දී ඇත. අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
