ඉන්දීය ප්‍රකට සූපවේදීන් දෙදෙනෙක් කොළඹට - City of Dreams Sri Lanka හි සුවිශේෂී ආහාර අත්දැකීමක්

Report

කොළඹ City of Dreams Sri Lanka හි පිහිටි Indiya අවන්හලේදී ඉන්දීය ප්‍රකට සූපවේදීන් දෙදෙනෙකුගේ විශේෂ ආහාර අත්දැකීමක් අගෝස්තු 7 සහ 8 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා මුම්බායිහි ප්‍රසිද්ධ Indian Accent Mumbai අවන්හලේ විධායක සූපවේදී රිජුල් ගුලාටි සහ Ekaa අවන්හලේ ප්‍රධාන සූපවේදිනිය මෙන්ම හවුල්කාරිය වන නියාති රාඕ එක්වෙති.

ඔවුන් විසින් ඉන්දීය ආහාර සංස්කෘතියේ විවිධත්වය නිරූපණය කරන ලෙස විශේෂයෙන් සකස් කළ නිර්මාංශ සහ මස් ආහාර ඇතුළත් Chef's Tasting Menu පාරිභෝගිකයන්ට පිරිනැමීමට නියමිතය.

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සංචාරක කලාපයක් කිරීමට නව වැඩපිළිවෙළක්

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සංචාරක කලාපයක් කිරීමට නව වැඩපිළිවෙළක්

මෙම ආහාර මෙනුවට Papdi Chaat with Crackling Spinach, Blue Cheese Naan, Black Cod with Masala Carrot and Apricot Chutney, Tomato Tomato, Marathawada, Daulat Ki Chaat සහ අවසානයේ Risalamande සමඟ පැන්ඩන් සහල් ජෙලටෝ වැනි විශේෂ ආහාර රැසක් ඇතුළත් වේ.

විධායක සූපවේදී රිජුල් ගුලාටි සඳහන් කළේ, ඉන්දීය ආහාර කලාව රට පුරා විහිදී ඇති කතාන්දර, සම්ප්‍රදායන් සහ දේශීය අමුද්‍රව්‍ය මත ගොඩනැගී ඇති බවත්, නවීන ඉන්දීය ආහාර කලාව පිළිබඳ තම දැක්ම කොළඹ ආහාර රසිකයන් සමඟ බෙදා ගැනීමට ලැබීම පිළිබඳ සතුටු වන බවත්ය.

මේ අතර, සූපවේදිනී නියාති රාඕ ප්‍රකාශ කළේ, අමුද්‍රව්‍ය, සංස්කෘතික උරුමය සහ මතකයන් නිර්මාණශීලී ලෙස ආහාර හරහා ඉදිරිපත් කිරීම Ekaa අවන්හලේ දර්ශනය වන අතර, කොළඹදීද ඉන්දීය ආහාර නව ආකාරයකින් අත්විඳීමට අවස්ථාවක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

කොළඹට එන ලොවම වසඟ කළ රූ රැජිනියන්

කොළඹට එන ලොවම වසඟ කළ රූ රැජිනියන්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...