හැකිතාක් ජලය රැස් කරගන්න - අයහපත් කාලගුණය හේතුවෙන් මේ ප්‍රදේශවල ජල සැපයුමට දරුණු බාධා

Report

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.

පේරාදෙණියේ පිහිටි මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා ජලය පැමිණීම නිසා ඊයේ (03) පස්වරුවේ එහි කටයුතු නවත්වා දැමීමට සිදුවූ අතර, එමගින් පවුල් 40,000කට පමණ බලපෑම් එල්ල විය.

කෙසේ වෙතත්, මහවැලි ගඟේ ජල මට්ටම පහළ යාමත් සමඟ මේ වන විට මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබේ.

එමෙන්ම මාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා මාවනැල්ල සහ අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකට ද බලපෑම් එල්ල වී ඇති අතර, ඉන් මාවනැල්ල පිරිපහදු මධ්‍යස්ථානය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතත්, අසුපිනිඇල්ල මධ්‍යස්ථානය තවමත් අකර්මන්‍ය තත්ත්වයේ පවතී.

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

මේ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ජල සබඳතා 40,000කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී තිබේ. මෙම ගංවතුර තත්ත්වයේ බලපෑම මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට පමණක් එල්ල වූ අතර බස්නාහිර පළාතට කිසිදු බලපෑමක් සිදුව නොමැත.

ගංගාවල ජලයේ මඩ සහ බොර ගතිය වැඩි වී තිබුණ ද, නිසි පරිදි පිරිපහදු කිරීමෙන් අනතුරුව ජලය බෙදා හරින බැවින් එහි ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යන වයස දික් කරයි

රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යන වයස දික් කරයි