නිරිත දිග මෝසම තව තවත් සක්‍රීය වෙද්දී මුළු ලංකාවටම පැය 24ක් වලංගු පූර්ව අනතුරු ඇගවීමක් - ඉදිරියේ වෙන්නේ මේකයි
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (04) පෙරවරු 11.30ට නිකුත් කෙරුණු මෙම නිවේදනය හෙට (05) පෙරවරු 11.30 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇත.
අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්
මෙම අවවාදාත්මක නිවේදනය උතුරු-මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද අදාළ වේ.
අදාළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමන අතර, එමඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙසත්, මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ ප්‍රදේශවාසීන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.