රියදුරන්ට අති විශේෂ නිවේදනයක් - හඳුනාගැනීමේ සංවේදක තාක්ෂණයෙන් අලුත් වැඩක්
මගී ආරක්ෂාව ඉහළ නංවමින් වඩාත් විශ්වාසනීය සහ සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සපයාදීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සංවේදක (Drug Detection Sensors) තාක්ෂණයෙන් සන්නද්ධ කළ නව Metro Bus රථ සේවාව හඳුන්වා දීමට Lanka Metro Transit ආයතනය කටයුතු කර තිබේ.
රියදුරන්ගේ රිය පැදවීමේ හැකියාවට සහ අවධානයට බලපෑම් එල්ල කළ හැකි මත්ද්‍රව්‍ය භාවිතයන් හෝ වෙනත් අහිතකර තත්ත්වයන් ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට මෙම නවීන තාක්ෂණික පද්ධතිය සමත් වී ඇත.
එමගින් මගී ගමනාගමනයේදී සිදුවිය හැකි අනතුරු කල්තියා වළක්වා ගනිමින් අමතර ආරක්ෂක ස්ථරයක් (Layer of Safety) නිර්මාණය වන බව එම ආයතනය පෙන්වා දෙයි.
උසස් ආරක්ෂක ප්‍රමිතීන් සහ නවීන තාක්ෂණය මුසු කරමින්, සියලුම මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආයෝජනය සිදුකළ බවත්, උසස් වෘත්තීය රියදුරු ප්‍රමිතීන් පවත්වා ගනිමින් රටටම ආදර්ශමත් පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම සිය මූලික අරමුණ වන බවත් Lanka Metro Transit ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.