හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, අදාළ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යන වයස දික් කරයි

රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යන වයස දික් කරයි

ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

එමෙන්ම උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට පැයට කිලෝමීටර 40-50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සමාජ මාධ්‍ය භාවිතා කරනවද? මහජනතාවට අනතුරු අඟවීමක් - වහාම ප්‍රවේශම් වෙන්න

සමාජ මාධ්‍ය භාවිතා කරනවද? මහජනතාවට අනතුරු අඟවීමක් - වහාම ප්‍රවේශම් වෙන්න

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.