රජයෙන් විශේෂ තීරණයක් - බන්ධනාගාර ගැටලුව විසදීමට සුදුසුම තීරණය ගනියි

Report

බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විකල්පයක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී තිබූ ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇත.

හැකිතාක් ජලය රැස් කරගන්න - අයහපත් කාලගුණය හේතුවෙන් මේ ප්‍රදේශවල ජල සැපයුමට දරුණු බාධා

හැකිතාක් ජලය රැස් කරගන්න - අයහපත් කාලගුණය හේතුවෙන් මේ ප්‍රදේශවල ජල සැපයුමට දරුණු බාධා

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා 2025 ජූනි 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය හිමිව තිබුණි.

මෙම පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු වැදගත් විධිවිධාන හඳුනාගෙන ඇති අතර, ඒවා ද ඇතුළත් කරමින් කෙටුම්පතේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී තිබේ.

රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යන වයස දික් කරයි

රජයෙන් විශේෂ දැනුම්දීමක් - මේ රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යන වයස දික් කරයි

ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම කැබිනට් අනුමැතිය හිමිවී ඇත.