කොළඹින් පිටතටත් නවීන බස් සේවාව පුළුල් කරයි - මෙට්‍රෝ ව්‍යාපෘතියට පතුල පහත් බස් රථ 50ක් එක්කෙරේ
මහජන ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ රජයේ වැඩසටහනට අනුව නාගරික මගී ප්‍රවාහනය සඳහා තවත් සුවපහසු පතුල පහත් (Low Floor) බස් රථ 50ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මීට පෙර බස් රථ 100ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුව යටතේ එම බස් රථ මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර, මගී ඉල්ලුම ඉහළ යාමත් සමඟ නවීන ප්‍රවාහන සේවාව කොළඹ නගරයෙන් පිටත ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව, මෙට්‍රෝ බස්රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය නගර දක්වා පුළුල් කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙට්‍රෝ බස්රථ ඇණියේ ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, 2026 මාර්තු 6 දින බස් රථ 100ක් සඳහා ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවේම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් බස් රථ 50ක් මිලදී ගැනීමට තීරණය කර ඇත.
ඒ සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.