මුළු රටටම තියෙන්නේ බවුසර් 100යි.. දැවැන්ත විදුලි හිඟයකුත්.. එල් නිනෝවලින් ලංකාවට වෙන විනාසේ අහලා මැති සබේත් රත් වෙයි
අද(04) දින පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් 2026/27 කාල සීමාව තුළ ප්‍රබල එල් නිනෝ දේශගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව ජාත්‍යන්තර විද්‍යාත්මක කාලගුණ අනාවැකි මගින් පෙන්වා දී තිබෙන බව සඳහන් කරමින් ඒ මඟින් ශ්‍රී ලංකාව තුළ දිගු කාලීන නියඟ සහ ගංවතුර, ආහාර සුරක්ෂිතභාවයට තර්ජනය, පානීය ජලය හිඟය, ජල විදුලි නිෂ්පාදනය අඩුවීම, මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් සහ ආර්ථික බාධා ඇතිවීමේ අවධානම පවතින බැවින් එවැනි තත්ත්වයකට සාර්ථකව මුහුණ දීම සඳහා අමාත්‍ය සහ රාජ්‍ය ආයතන රැසක ඒකාබද්ධ ක්‍රියාමාර්ග අවශ්‍ය වන බැවින් ද ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද යන්න ප්‍රශ්න කර සිටියා.
එසේම එම අවස්ථාවේදී ඔහු සභාවට, "එල් නිනෝ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වූ චන්දන බණ්ඩාර මහතා කියනවා මුළු රටටම බවුසර් 100යි තියෙන්නේ කියලා." යනුවෙන් කරුණු ඉදිරිපත් කර සිටියා.
ඊට අමතරව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා, " ජනවාරි වන විට විදුලි සැපයුම මෙගාවෝල්ට් හාරසිය පනහක විදුලි හිඟයක් තිබෙන බව" පැවසූ බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙය බරපතළ ප්‍රශ්නයක් බව පෙන්වා දෙමින් ඒ සඳහා විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කළේ රට දැනටමත් මුහුණ පාමින් ඇති තත්ත්වය ගෙන හැර පාමින්.