බිරිඳ වෙනුවෙන් ටජ් මහල ත්‍යාග කල අපූරු කෝටිපති ව්‍යාපාරිකයා (PHOTOS)

TAJ MAHAL INDIAN BUSINESSMAN ANAND PRAKASH MANJUSHA BURHAN POOR
By Sewvandhi Nov 29, 2021 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආදරයේ සංකේතයක් ලෙස ලෝක ප්‍රසිද්ධ "ටජ් මහල්" ප්‍රාසාදයේ ආකෘතිය අනුව ඉදිකළ සුවිසල් නිවසක් ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් සිය බිරිඳට තෑග්ගක් ලෙස පිරිනමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ව්‍යාපාරිකයෙක් වන 52 හැවිරිදි ආනන්ද් ප්‍රකාෂ් චෞක්සි විසින් සිය බිරිඳ වන මන්ජුශා සඳහා මෙම නිවස තෑගි කර ඇත.

ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මීට වසර 27කට පෙරදීය. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බුර්හාන්පූර් නගරයේ මෙම නිවස ඉදිකර ඇත. ඔහු එය නම් කර ඇත්තේ "ආදරයේ ස්මාරකය" ලෙසය. මෙම නිවස සාදා නිම කිරීමට ඔහුට ඉන්දීය රුපියල් මිලියන 20ක් (අමෙරිකානු ඩොලර් 260,000) වැය වී ඇත.

මෙම නිවස නිදන කාමර 4ක්, මුළුතැන්ගෙයක්, පුස්තකාලයක් සහ භාවනා කිරීම සඳහා වෙන් වු තවත් කාමරයකින් යුත්ත වේ. මෙය සාදා නිම කිරීම සඳහා වසර 3ක් ගතවූ බව ආනන්ද ප්‍රකාෂ් චෞක්සි පවසයි. සිය නිවස නැරඹීම සඳහා සංචාරකයින්ට අවසර දෙන නමුත් මෙම නිවසේ සිය පවුල පදිංචිව සිටින බැවින් යම්කිසි සීමාවන්ට අනුව සංචාරකයින්ට අවසර දෙන බවද ඔහු මාධ්‍යට පවසා ඇත.

ආදරයේ සංකේතයක් වූ " ටජ් මහල " 17 සියවසේ ඉන්දියාවේ විසු ශා ජහාන් රජු විසින් ඔහුගේ ආදරණීය බිසව මුම්ටාස් දේවිය මිය ගිය පසු ඇය සිහිවීම පිණිස ඉදි කරන ලද සුවිශාල ස්මාරකයකි.

මෙය ඉන්දියාවේ අග්‍රා නුවර පිහිටා තිබේ. ටජ් මහල ඉන්දියාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රධාන නැරඹුම් ස්ථානයක් වන අතර එය නැරඹීම සඳහා වසරකට දසදහස් ගණනින් සංචාරකයියෝ පැමිණෙති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGallery