දෙවියනේ කවුරුත් මෙහෙම දෙයක් හිතන්නවත් නැතුව ඇති..කාන්තාවක් නිසා සුප්‍රසිද්ධ ඉන්දීය නළුවා වහාම අත්අඩංගුවට..!(PHOTOS)

By Sewvandhi Dec 13, 2024 09:55 AM GMT
Report

Pushpa 2 සිනමාපටයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමඟ පසුගිය 04 වනදා හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවකින් පිටත සිදුවූ තෙරපීමක දී කාන්තාවක් මියගිය පුවත දැඩි වශයෙන් කතාවට ලක්වුණා.

හයිද්‍රාබාද් හි පිහිටි මේ චිත්‍රපට ශාලාවේ පිටත සිදුවූ තෙරපීමක දී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද ඉන්දීය නළු අල්ලු අර්ජුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු ජුබිලි හිල්ස් නිවසේ සිටිය දී හයිද්‍රාබාද් හි චිකාඩ්පල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවගේ මිය යාම සම්බන්ධයෙන් තෙළිඟු නළු අල්ලු අර්ජුන් සහ ඔහුගේ ආරක්ෂකයින්ට මෙන්ම චිත්‍රපට ශාලාවේ කළමණාකාරීත්වයට එරෙහිව හයිද්‍රාබාද් පොලිසියේ ගොනුකර ඇති නඩුවක් සම්බන්ධයෙන් එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ..

ලංකාවටම විශේෂ වන 17 සහ 18 මොකද වෙන්නේ..පාසල් දරුවන්ට ඉතාමත් වැදගත්..

ලංකාවටම විශේෂ වන 17 සහ 18 මොකද වෙන්නේ..පාසල් දරුවන්ට ඉතාමත් වැදගත්..

………………………………………………………………………………………

You may like this video 👇



GalleryGalleryGalleryGallery