රට දෙකට කැඩීමට ඉන්දියාවෙන් සැලැස්මක් - පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

Sri Lanka Politician Sri Lanka India Latest Headlines Sinhala news
By Ashfa Jul 12, 2025 11:55 AM GMT
Ashfa

Ashfa

Report

රට දෙකඩ කිරීමේ ඉන්දියානු ව්‍යාපාරය වර්තමානයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සඳහන් කළා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

උන්වහන්සේ පැවසුවේ, ඉන්දීය රජය විසින් විවිධ උපාය මාර්ග හා කුටියල් සැලසුම් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත්, එහි අරමුණ ශ්‍රී ලංකාවේ භූමික හා දේශපාලන ස්ථාවරත්වය බිඳ දැමීම බවත්ය. කොකාවිල් ප්‍රහාරයේ 35 වන සංවත්සරය සමරමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය.

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

"රට දෙකඩ කිරීමේ ඉන්දියානු වුවමනාව අද වෙනකොටවත් දශමස්ථානයක්වත් මෙහාට ඇවිත් නෑ. ඉන්දියාවෙන් ලංකාවට රුපියල් කෝටි 30,000ක ණය සහනයක් දෙන්න යනවා දැන්. ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 1.7 නැවත අයකර නොගෙන ණය සහනයක් ලබා දෙන්න යනවා අපේ ලොකු අයියා.... ඩයස්පෝරාව පාවිච්චි කරලා හරි, අහිංසක දෙමළ ජනතාව පාවිච්චි කරලා හරි උපාය උපක්‍රම පාවිච්චි කරලා හරි අපේ රට රටක් හැටියට ආර්ථිකව අස්ථාවර කිරීම හරි භෞමිකව හෝ දේශපාලනිකව හා අවසාන විග්‍රහයේදී 29 වැනි ඉන්දියානු ප්‍රාන්තය හදලා ඊට පස්සේ නැගෙනහිර හා උතුර කඩපු වහාම 30 වැනි ඉන්දියානු ප්‍රාන්තයත් බිහි කරලා අවසන් කිරීමේ අඛණ්ඩ භාර ව්‍යාපෘතියේ එකක් හැටියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ."

ReeCha