දරුවන් හා බඩගින්න ආයුධයක් කර ගාසා වනසන ඊශ්‍රාලය

United Human Rights United Nations Israel-Hamas War Gaza Sinhala news
By Ashfa Jul 12, 2025 01:19 PM GMT
Ashfa

Ashfa

Report

ඊශ්‍රයලය, ගාසා තීරය දරුවන් සහ බඩගින්නෙන් පීඩාවට පත්වූ මහජනතාවගේ භූමියක් බවට පරිවර්තනය කරමින් සිටින බවත්, එය කෘර හා සැලසුම්ගත වධකාමී වැඩසටහනක් බවත්, පලස්තීන සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයේ ප්‍රධානී ෆිලිප් ලසරිනි මහතා දැඩිව විවෙචනය කරයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, පසුගිය මාස 2 තුළ ගාසාහි ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානවලදී පලාස්තීන ජාතිකයින් 798ක් ඝාතනයට ලක්වී ඇති බවයි.

යාපනයේ ඩෙල්ෆ්ට් බලා ගමන් ගත් බෝට්ටුවක් පුද්ගලයන් 14 ක් එක්ක අනතුරට

යාපනයේ ඩෙල්ෆ්ට් බලා ගමන් ගත් බෝට්ටුවක් පුද්ගලයන් 14 ක් එක්ක අනතුරට

ඉන් 615ක් මියගොස් ඇත්තේ ඊශ්රායල සහ ඇමරිකාවේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන ගාසා මනුෂ්‍යමය ආධාර මධ්‍යස්ථානයක් ආශ්‍රිතවය. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනුව, ගාසාහි විශාල පරිමාණයෙන් තීව‍්‍ර පෝෂණ හිඟයකට ලක්වී සිටින ළමුන් 90,000කට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයකි.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

බඩගින්න ආයුධයක් ලෙස භාවිතා කරමින් ඊශ්රායලය ගාසා තුළ ජාතීන් අතුරුදන් කිරීමක් සිදුකරමින් සිටින බවට ජාත්‍යන්තර විවෙචනයක් පවතින අතර, එය දැඩි පරීක්ෂණයකට ලක්ව තිබේ.

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

මේ අතර, ඊයේ රාත්‍රියේ සිට අද පෙරවරුවට දක්වා ගාසාහි පැවති ඊශ්රායල ගුවන් ප්‍රහාරවලින් දරුවන් 4ක් ඇතුළු පුද්ගලයින් 28ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසාහි රෝහල් අධිකාරීන් තහවුරු කරති.

මධ්‍යම ගාසාහි ඩෙයර් අල්-බලා නගරයේදී ඊයේ රාත්‍රියේ පැවති ප්‍රහාරයකින් පුද්ගලයින් 13ක් මියගොස් ඇති අතර, ඔවුන් අතර දරුවන් සහ ගැහැණු මව්වරුන් දෙදෙනෙකුද සිටින බව අල්-අක්සා රෝහල සඳහන් කළේය. දකුණු ගාසාහි කාන් යූනිස් ප්‍රදේශයේ ඊශ්රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 15ක් මියගොස් ඇති බව නාසර් රෝහල නිවේදනය කරයි.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව, මෙතෙක් ඝාතනයට ලක්ව ඇති සංඛ්‍යාව 57,762ක් වන අතර තුවාල ලැබූ පිරිස 137,656ක් පමණ වෙයි.

ReeCha