යාපනයේ ඩෙල්ෆ්ට් බලා ගමන් ගත් බෝට්ටුවක් පුද්ගලයන් 14 ක් එක්ක අනතුරට
යාපනයේ ඩෙල්ෆ්ට් දූපත බලා ගමන් කරමින් සිටි බෝට්ටුවක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලද තොරතුරු මත මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දේශීය සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් බව පවසයි.
එසේම එහි සංචාරකයින් 12 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙක් ගමන් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම අනතුරෙන් පසු ඔවුන් සියලු දෙනා ආරක්ෂක අංශ විසින් බේරා ගැනීමට සමත් වී ඇති බව සඳහන්.
මෙහිදී අනතුර සිදුවන අවස්ථාවේදී මුහුද මැදින් ගමන් කරමින් තිබූ "සබරිෂ්" නම් දිගු දුර බෝට්ටුවේ කාර්ය මණ්ඩලය, අනතුරට පත් සංචාරක බෝට්ටුවෙන් සුදු කොඩියක් ප්‍රදර්ශනය කරනු දැක ඇත.
ඒ අනුව එම පිරිස ක්ෂණිකව ක්‍රියාත්මක වී හානියට පත් බෝට්ටුවේ සිටි සෑම සංචාරකයෙක්ම ආරක්ෂිතව තම බෝට්ටුවට මාරු කර ගැනීමට සමත් වී තිබෙන බව පවසයි.
අනතුරුව අඳාළ ස්ථානයට පැමිණි නාවික හමුදා බෝට්ටුව, බේරාගත් මගීන් තම බෝට්ටුවට නංවාගෙන ඇත.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්
