හැමෝම ගෝටා ගෝ හෝම් කියද්දි පෙරට ආපු ඉරාජ් ඔන්න බයි තක්සලාව සමරන්න ගෝඨාගේ ගෙදරට කේකුත් උස්සන් ගිහින්[PHOTO]

Gotabaya Rajapaksa Gota Go Gama Gossip Today Artist Sinhala news
By Kaushi Jul 12, 2025 03:40 PM GMT
Kaushi

Kaushi

Report

ඉරාජ් වීරරත්න කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වුණත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුළ ඇතිවූ අරගලය සමඟ ඔහු සම්බන්ධයෙන් විවිධ පුවත් පැතිරුණා.

ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ කියන නම වගේම ඉරාජ් කියන නමත් නොක්ව්ව කෙනෙක් නැති තරම්.

හැබැයි ඒ වර්ණනා කරන්න නම් නෙවෙයි කියලා තමයි පහුගිය කාලේ අපිට දක්නට ලැබුණේ. මේ සඳහා ඉරාජ්ගේ දේශපාලන මතයන් බලපාපු බව නම් නොරහසක්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

කොහොම වුණත් ඒ දවස්වල ඉඳන්ම ඉරාජ් බැනුම් ඇහුවේ ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමත් එක්ක කියලා තමයි දක්නට ලැබුණේ. මේ සහය දැක්වීම නිසාම අරගලය කාලේ ගෝඨා ගෝ හෝම් කියපු අය ඉරාජ්වත් ප්‍රතික්ෂේප කළා.

ඒ ගැටුමේ උච්චතම අවස්ථාවක් විදිහට අරගලයේ කාලේදී ලංකාවේ බොහෝ දේශපාලඥයන්ගේ නිවෙස්වලට එල්ල වූ බව කියන ආකාරයේ ප්‍රහාරයක් ඉරාජ්ගේ මවගේ නිවසට ද සිදු වූ බවක් පවසනවා.

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි

කෙසේ වෙතත් ඉරාජ් වීරරත්න කියන්නේ ලංකාවේ සංගීත කලාව ඇතුළේ බොහෝ තැන්වල නම කියවුණ ගායකයෙක් වගේම අරගල සමයේදී බෙහෙවින් කතාබහට ලක්වූ චරිතයක් බව අදටත් පිළිගන්න කරුණක්.

ඒ මොනවා වුණත් ඒ සිදුවීම්වලින් පසු ඉරාජ්ට ආදරේ කරන පිරිසක් වගේම ඔහුට චෝදනා කරන පිරිසක් ඇති බවත් නොරහසක්.

මේ සියලු චෝදනා මැද ටික කාලයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට තිබූ දැඩි විරෝධය නතර වී ඇතත් ඔහු නම් ඔහුගේ මතය වෙනස් කරගත් බවක් දක්නට ලැබුණේ නෑ.

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

කොහොම වුණත් අද වෙද්දි ඒ සීතල යුද්ධෙ ටිකක් සමනයකට පත් වෙලා. එහෙම තියෙද්දි ඔන්න ඉරාජ් ආයෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාව බැහැ දකින්න ගිහිල්ලා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඒ ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක දාපු ඡායාරූපයක් සහ සටහනක් ඔස්සේ. ඒ සටහන පහතින්,

"බයි තක්සලාව 200වෙනි program එක සමරන්න අපි ගියා අපේ රට කුරිරු යුද්ධයෙන් සහ කොවිඩ් උවදුරෙන් බේරා ගත්ත හිටපු ජනපති Gotabaya Rajapaksa ගේ මිරිහානේ නිවසට 🙏

බයි තක්සලාව Program එක මෙච්චර උඩට ගේන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.

බිංදුවේ ඉදලා පටන් ගත්ත මේ ගමන අපි හිමිහිට යනවා"

ඒත් එක්කම ඉරාජ් වීරරත්න මීළඟට ලෑස්ති වෙන්නේ මොකේටද කියලා මේ වෙනකොට ගොඩක් අය විමසිල්ලෙන් බලන් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. 

ReeCha