44% බදු ප්‍රතිශතය අපි 30% ට ෂේප් කර ගත්තා, බය වෙන්න එපා තව අඩු කරගමු ජනපති කියයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර ඇත.

එසේම ඔහු එහිදී මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් පවසා තිබෙනවා.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (12) දින ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය සහ මෙම තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශව හා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට සහභාගී වෙමින් බව සඳහන්.

එහිදී අභියෝගාත්මක අවස්ථාවේදී එහි ධනාත්මක පැතිකඩ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ප්‍රවේශයන් හඳුනා ගැනීමට රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ අපනයන විවිධාංගීකරණය සඳහා ඇති අවස්ථාවන් ගැනද අවධානය යොමු කළ බව වාර්තා විය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති ෂනිල් ප්‍රනාන්දු, තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති හුසීෆා අක්බරලි යන මහත්වරු සහ බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතා ඇතුළු අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල නියෝජිතයෝ  එක්ව සිටි බව සඳහන්.   

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්