ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට 30%ක තීරුබද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝව සහ යුරෝපා සංගමය වෙතින් ආනයනය කරන භාණ්ඩවලට 30%ක නව තීරුබදු පනවන බව නිවේදනය කර ඇත.
මෙම තීරුබදු අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයා තම Truth Social ගිණුම ඔස්සේ මෙය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සමඟ සති ගණනාවක් පුරා පැවති සාකච්ඡා හරහා පුළුල් වෙළෙඳ ගිවිසුමකට ළඟා වීමට අපොහොසත් වීමෙන් පසු, ජනාධිපති ට්‍රම්ප් මෙම බදු පනවා ඇති බවත් වාර්තා වේ.
අදාළ තීරුබදු ක්‍රියාත්මක වීමට සූදානම් වන්නේ මෙම සතිය මුලදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව, ජපානය, දකුණු කොරියාව, කැනඩාව සහ බ්‍රසීලය ඇතුළු රටවල් ගණනාවකටද නව බදු පනවා ඇති පසුබිමකය.