නිතීවිරෝධීව ලංකාවට ගෙනා යතුරු පැදි 21 අත්අඩංගුවට
Sri Lanka Police
Law and Order
Sinhala news
By Mithu
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් මත නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.
එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් හි නිෂ්පාදිත යතුරු පැදි 21 පොලිසිය විසින් මෙලෙස සොයාගෙන තිබේ.
පොලීසිය පවසන ආකාරයට එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩිය. මෙම චෝදනාවන්ට අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
