තවත් භයානක අනාවැකියක් - මේ රටවල්වල අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් - ඉන්දියාව අවටත් අඩු පීඩන තත්ත්වයක්
By Kaushi
ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල්වලට ඉදිරි දින කිහිපයේදී අධික වර්ෂාපතයත් සමඟ කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රටවල ඇතැම් ප්‍රදේශවල අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් නිර්මාණය වෙමින් පවතින බවයි.
වාර්තා වන ආකාරයට ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය හරහා කිලෝමීටර් 1000ක වැසි කලාපයක් නිර්මාණය වෙමින් පවතින අතර ඉන්දියාව අවට වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර තිබෙනවා.
මැදපෙරදිග නිසා ඉන්දියාව කැළඹෙයි - ලෝකෙම හැරිලා බලපු ප්‍රශ්නේ ගැන ප්‍රබල රටවල් 5ක් එක්ක විශේෂ සාකච්ඡාවක්
එම නිසා ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සහ පැයට කිලෝමීටර් 40ත් 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බව සඳහන්.
එසේම අධික වර්ෂාපතනයත් සමඟ හිමපතනයන් ද වාර්තා විය හැකි බව ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත.