මෙන්න වැඩක් - කසාදෙට කලින් ගෑණු ළමයින්ට වෛද්‍ය පරීක්ෂණ ගැනීම අනිවාර්යයි?

India Marriage Madras High Court Latest Headlines Sinhala news
By Ashfa Jul 04, 2025 07:45 AM GMT
Ashfa

Ashfa

Report

දකුණු ඉන්දීයාවේ මෑත කාලයේදී විශාල අවධානයක් යොමුවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන්, මධුරායි ඉහළ නීති අධිකරණය වෙත විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

එහිදී, විවාහයට පෙර වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කිරීමට රජයට නියෝගයක් ලබා දිය යුතු බවක් ඉල්ලීම් වී තිබුණි.

මෙම පොදු ජන වාසි පෙත්සම සම්බන්ධයෙන් නඩු විභාගය සිදුකරමින් සිටි මධුරායි ඉහළ නීති අධිකරණය පෙන්වා දුන්නේ, එවැනි නීතිමය තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුවට පමණක් හිමි වන අතර, අධිකරණය විසින් එවැනි නියෝග මැදිහත් වීම නොහැකි බවයි.

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා

මෙවැනි පෙත්සමක් ඉදිරිපත් වීමේ පසුබිම වන්නේ, විවාහයෙන් පසුව සිදුවන "මනමාලයා ඝාතන" සම්බන්ධ සිදුවීම් වැඩිවීමයි. වාර්තා අනුව, සමහර විවාහයන් දරුණු බලපෑම්වලින් සිදුකරන අතර, විවාහයෙන් පසුව එම මනමාලයන්ට ජීවිත හානි සිදුවී ඇති බවයි.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මෙම තත්ත්වය හේතුවෙන් සමහරුන් බියෙන් විවාහයට මුහුණ දෙන බවත්, ඇතැම් තැන්වල යුවතියන් පිළිබඳව විස්තර සෙවීම සඳහා පෞද්ගලික නිරීක්ෂණ සේවාවන්ගේ උපකාරය ලබා ගන්නා බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, අධිකරණය පැහැදිලිවම දක්වා සිටියේ, රජය මේ බව පාර්ලිමේන්තුව තුළින් නීතිමය ක්‍රමයකින් සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බවය. ඒ අනුව, මෙම පෙත්සම නීතිමය අධිකාරියෙන් තීරණය කළ නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

ReeCha