අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ඉන්දියාවේ පෙට්‍රෝලියම් අමාත්‍යාංශය විසින් නල මඟින් ගෑස් ලබාගන්නා පාරිභෝගිකයින් සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර ළඟ තබා ගැනීම, අලුතින් ලබා ගැනීම හෝ නැවත පිරවීම තහනම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රජයේ තෙල් සමාගම් ද පාරිභෝගිකයන්ට ගෑස් සැපයීම වළක්වා ඇති බවයි. එමෙන්ම, දැනට සම්බන්ධතා ඇති පාරිභෝගිකයින් තම සිලින්ඩර වහාම රජයට භාර දිය යුතු බවට ද නිවේදනය කර ඇති බවද වාර්තා වේ.
එමෙන්ම පසුගිය දා මැදපෙරදිග කලාපය පුරා පවතින යුද වාතාවරණය සහ හෝර්මූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන්, කටාර්, බහරේන් සහ කුවේට් ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් සිය ගෑස් අපනයනය සම්බන්ධයෙන් අවාසනාවන්ත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.