මෙරට බලශක්තිට ඇහැ ගහන් ඉන්න ඉන්දියාව [PHOTOS]

India Minister of Energy and Power Kumara Jayakody Sinhala news Breaking News
By Kaushi Jul 01, 2025 05:21 PM GMT
Kaushi

Kaushi

Report

ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත පිරිසක් ඊයේ (30) දින මෙරට බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුව ඇත.

මෙම හමුව සිදුව ඇත්තේ මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළ හැකි නව මාර්ග සෙවීමේ අරමුණින් බව සඳහන්.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ඒ පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ විශේෂයෙන් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින හා අනාගත ආයෝජන අවස්ථා සම්බන්ධයෙනුත්, දෙරට අතර තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත්, හරිත බලශක්ති, විකල්ප ඉන්ධන ප්‍රභවයන්, නවීන තාක්ෂණ හා පරිසර හිතකාමී ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම සම්බන්ධවත් යෝජනා ඉදිරිපත් වූ බව‍යි.

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

ඒ අනුව මෙම හමුව සඳහා ඉන්දියාවේ CII හි හිටපු සභාපති, ITC Limited සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර සන්ජීව් පුරි මහතා, Lanka Indian Oil Corporation සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා, Hykon India Limited සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝ ජෝර්ජ් මහතා ඇතුළු බලශක්ති හා හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

කෙසේ වෙතත් මෙම හමුව මෙරට තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන වැඩිදියුණු කිරීම හා දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් බව පවසයි.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

GalleryGalleryGalleryGalleryGallery
ReeCha