ඉරාන යුධ රහසක් එළියට - හතර වටේට පහර දෙන ප්‍රබල අවියක් ගැන සියල්ල එළියට
ඉරානය, අමෙරිකාව සහ ඊශ්‍රායල එක්ව එල්ල කරන ප්‍රහාරවලට පිළිතුරු ලෙස, අසල්වැසි රටවල් වෙත එල්ල කරන සියලු ප්‍රහාර තවදුරටත් දැඩිකර තිබේ.
මෙම ප්‍රහාරවලදී, ඉරානය තමන් නිපදවූ අති නවීන කොරම්ෂා 4 බැලස්ටික් මිසයිලය භාවිතා කළ බව වාර්තා වේ.
කොරම්ෂා 4 මිසයිලය, එක්වරම ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ හැකි හැකියාව සහිතව, මීටර් 13ක දිගින් යුක්ත බස් රථයකට සමාන දිගකින් යුතුයි.
මෙය උපරිම දුර කිලෝමීටර් 2000ක් ගමන් කරමින් ටොන් 1.5 බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකිවීමෙන් එරට ආරක්ෂක හැකියාව දැඩි ලෙස වැඩි කර තිබේ.
ඒ අනුව 2017 වසරේ සිට ඉරාන අවි ගබඩාවේ රඳවා තිබූ මෙම මිසයිලය, 2023 වසරේදී ප්‍රථමයෙන් එළිදක්වා, ඉරානයේ යුද හැකියාව සහ තාක්ෂණික නවීනත්වය මහජන වශයෙන් ප්‍රදර්ශනය කරන ලදී.