මාලිමා අයවැයට පක්ෂවූ සොහරා බුහාරි ආසන රැක ගන්න අධිකරණයට
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ තමන් දරන නාගරික මන්ත්‍රී ධුරය අහිමි වීම වළක්වාලීම සඳහා අතුරු නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සමේ කරුණු සලකා බැලීමට ලබන මාර්තු 13 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ඊයේ (05) සලකා බලා ඇත.
ඉන්දියාව අන්තිම මොහොතේ දෙවැනි ඉරාන නැව ලංකාවට පාස් කරපු හේතුව කියලා චාමර ජනපතිටත් අමතයි - නාවික හමුදාපති කියපු දේකුත් පත්තුවෙලා
කොළඹ මහ නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රිනි බුහාරි පාතිමා සොනාරා මහත්මිය විසින් ගොනු කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු පක්ෂ නිලධාරීන් කිහිපදෙනකු නම් කර තිබේ.
නීතිඥ මංජුල බාලසූරිය මහතා ඔස්සේ ගොනු කළ පෙත්සමේ සඳහන් වන්නේ, 2026 වසර සඳහා කොළඹ නගර සභාවේ අයවැය සම්මත කිරීමේදී තමන් ඊට පක්ෂව ඡන්දය භාවිතා කළ බවයි. ඉන් පසුව පක්ෂය විසින් තම සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත්, පසුව ජනවාරි 09 දිනැති ලිපියක් මගින් සම්පූර්ණයෙන්ම සාමාජිකත්වයෙන් ඉවත් කළ බවත් පෙත්සම්කාරිය පවසයි.
මෙම තීරණය හේතුවෙන් තම නාගරික මන්ත්‍රී ධුරය අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බැවින්, එය වළක්වාලීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස බුහාරි පාතිමා සොනාරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටී.