ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට ඇමරිකානු තානාපති කාර්‍යාලයෙන් විශේෂදැනුම්දීමක්
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහාවිශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම දැනුම්දීමේ සඳහන් වන්නේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවද, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ගුවන් මාර්ග කිහිපයක් වසා දමා තිබීම නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් තවමත් දැඩි ලෙස බාධාවට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත්, මැදපෙරදිග හරහා නොයන වාණිජ ගුවන් ගමන් කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් එවැනි විකල්ප ගුවන් ගමන් භාවිතා කළ හැකි බවත්, ගුවන් ගමන් ප්‍රමාදයන් හෝ අවලංගු වීම් සම්බන්ධයෙන් සෘජුවම තම ගුවන් සමාගම සමඟ සම්බන්ධ වීම වැදගත් බවත් එම දැනුම්දීමේ සඳහන් කර තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශ සංචාරකයන්ට විකල්ප පිටත්වීමේ සැලසුම් සකස් කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් දින 14ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමටද පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි
හදිසි සහාය අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අමෙරිකානු පුරවැසි සේවා අංශය සමඟ +94 11 202 8500 දුරකථන අංකය හරහා සම්බන්ධ විය හැකි අතර, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 1.00 සිට 2.00 දක්වා සේවාව ලබාගත හැකි බවද දැනුම් දී තිබෙනවා.
ඊට අමතරව, ගුවන් ගමන් හා සංචාරක සේවා සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා සංචාරක හෙල්ප්ලයින් අංකය වන 1912 හරහා සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
අවසන් ආරක්ෂක යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය නාලිකා අනුගමනය කරන ලෙසද පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.