ඩොලරය ඉහළට - රුපියල තවදුරටත් වැටෙයි
ශ්‍රී ලංකා රුපියල බ්‍රහස්පතින්දා (05) දිනයට සාපේක්ෂව අද (06) තවදුරටත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත හා වෙළඳපොළ තොරතුරු අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 306.80 සිට රු. 307.53 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 314.23 සිට රු. 315.10 දක්වා වැඩි වී තිබේ. මෙය රුපියලේ අගය තවදුරටත් පහළ යාමක් පෙන්වයි.
ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කූඩයකට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ. මෙය ආනයන භාණ්ඩ මිල ඉහළ යාම, ජීවන වියදම් වැඩිවීම ඇතුළු බලපෑම් ඇති කළ හැකි තත්ත්වයකි.