ජනප්‍රිය ගායිකාවක් මහපාරෙදි අත්අඩංගුවට - හේතුව මෙන්න
ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර රිය පැදවීමේ සැකය මත පෙරේදා (04) දින කැලිෆෝනියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය ඊයේ (05) බන්ධනාගාරයෙන් නිදහස් වී තිබෙන අතර, මැයි 4 වැනිදා වෙන්චුරා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙසේ ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලිෆෝනියා මහා මාර්ගයේ මුර සංචාර බලකාය (CHP) මඟින්. ඔවුන් (CHP) ප්‍රකාශ කළේ, ඇය ඇගේ මෝටර් රථය අධික වේගයෙන් සහ අවිධිමත් ආකාරයට මහා මාර්ගයක පදවාගෙන යන බවට බලධාරීන්ට වාර්තා වූ බවයි.
එහිදී ඇයව නවතා පරීක්ෂා කිරීමේදී "මත් වී සිටීමේ ලක්ෂණ" පෙන්නුම් කළ බවත් අනතුරුව ඇය මත්පැන් පරීක්ෂාවන්ට භාජනය කළ බවත් වාර්තා වේ.
කෙසේ වුවද මෙම සිදුවීම පිළිබඳව තවමත් විමර්ශනය කෙරෙන අතර, රසායනික පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිත බව සඳහන්.