ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් හදිසියේම දුන් විශේෂ නිවේදනය..

Report

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන අතර රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත්  දැක්වෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join