ඉන්දියාවෙන් ඇ.ඩො. මිලියන ගාණක් ලංකාවට
'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබා දීමට තීරණය කර ඇති බව දැනුම්දී ඇත.
මෙම පැකේජය, අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.
අද පැවැති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සහය ශ්‍රී ලංකාවේ සුළි කුණාටුයෙන් හානි වී ඇති ප්‍රදේශවල යථා තත්ත්වය නැවත ස්ථාපනය කිරීමේ වැඩසටහන් සඳහා යොදවන බවයි.
ඉන්දීය ආධාරය හරහා සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙන්, ප්‍රදේශවාසීන්ගේ ජීවිත සහ ආර්ථිකය සුරක්ෂිත කිරීමේ කටයුතු ඉක්මනින් සිදු කරනු ලබන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.