මෙරට රන් මිල රුපියල් 7000කින් ඉහළට

Report

ලෝක වෙළඳපොළේ රත්‍රං (රන්) මිල ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං වෙළෙඳපොළේ මිලද ඉහළ ගොස් තිබේ. අද (23) වන විට ලෝක රත්‍රං මිල ඩොලර් 4,485 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයේට සාපේක්ෂව රුපියල් 7,000කින් වැඩි වී තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් මිල රු. 325,600ක් ලෙස දැක්වුණි.

පිස්සු හැදෙයි පවුමක රන් ආභරණයක් රු 20000 කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

පිස්සු හැදෙයි පවුමක රන් ආභරණයක් රු 20000 කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

මේ අතර ඊයේ දිනයේ දී රු. 344,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්