අකුරණ ඇවිලෙයි - කුඩුගල වෙළෙඳසැලක විශාල ගින්නක්

Report

අද (04) අලුයම 5.30ට පමණ කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක හදිසි ගින්නක් හටගෙන ඇත.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ගින්න හේතුවෙන් මහනුවර යාපනය A9 ප්‍රධාන මාර්ගයේ කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයෙන් රථවාහන ගමනාගමනය පැයකට ආසන්න කාලයක් නතර කිරීමට පොලීසිය පියවර ගත් බවයි.

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර සහ මාතලේ ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවීමේ රථ යොදවා තිබූ අතර මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද දහවල් 1න් පසු - මුළු ලංකාවටම කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

අද දහවල් 1න් පසු - මුළු ලංකාවටම කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්