නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට සමාව
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව එම සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාව හිමිවන බවයි .
බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01 ක සමාවක් ප්‍රදානය කිරීම සහ රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .