මෙරට පාරවල් හදන්න ඉන්දියාවෙන් ලැබෙන දේ..
By Sithumi
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදුන් බස්රථවලින් තවත් බස්රථ 40ක් ඩිපෝ වෙත භාරදීම අද(21) සිදු කර තිබෙනවා.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙරටට ලැබුණු බස් රථ 165ක් අදියර 3ක් යටතේ මේ වන විට මෙරට පොදු ප්‍රවාහනය උදෙසා එක්කර ඇති අතර, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නව බස් රථ 500ම ධාවනයට එක්කරන බවයි.
ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් ආවරණ වන පරිදි දුෂ්කර මාර්ගවල මගී ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා ලබාදෙන මෙම බස් රථ අදාල ණය වාරික ගෙවීමට හැකිවන ආකාරයේ ආදායම් ඉපැයිය හැකි මාර්ගවල ධාවනයට යෙදවීමට අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා ඩිපෝ වෙත උපදෙස් ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.