විශේෂ දැනුම්දීමක් - 30ට කලින් අනිවාර්යයෙන් කරන්න

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය මගින් ඉහත සඳහන් තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව නිවේදනය කර ඇත.

ආයෙත් භයානක ලෙඩක් හැමෝම පරිස්සමෙන්

ආයෙත් භයානක ලෙඩක් හැමෝම පරිස්සමෙන්

ඒ අනුව නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිලිබදව වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකියි.