පිටිපස්සෙන් ඇවිත් හප්පලා මදිවට පොලුවලින් පහරදීලා..කුඩා දරුවන් දෙදෙනෙක් රෝහලේ ..
By Piyumika
යාපනයේ කීරමලෙයි ප්‍රදේශයේදී ඊයේ (16) කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවකු අනතුරකට පත්කළ තරුණයින් දෙදෙනෙකු පසුව ඔවුන්ට පොලු වලින් පහර දී පලා ගොස් ඇති බවට වාර්තාවේ .
කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් අධික වේගයෙන් තවත් යතුරු පැදියක පැමිණි තරුණයින් දෙදෙනෙකු කාන්තාව පදවා ගෙන ගිය යතුරු පැදියේ පිටුපසින් ගැටී ගැටී ඇත.
මේ අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනා හා කුඩා දරුවා යතුරු පැදියෙන් බිමට වැටී ඇති අතර අනතුරින් තරුණයින් දෙදෙනා ගමන් කළ යතුරු පැදියද පෙරලී ගොස් තිබේ .
පසුව, එම තරුණයින් දෙදෙනා ඉවක් බවක් නොමැතිව කාන්තාවන් දෙදෙනාට අතින් පයින් හා පොල්ලකින් පහර දී ඇති බව සඳහන් වේ.
පහර දීමෙන් කාන්තාවන් දෙදෙනා සහ කුඩා දරුවා තුවාල ලබා රෝහල් ගත කර තිබේ .