ආනයන භාණ්ඩ තවදුරටත් සීමා වෙයි.
Central Bank of Sri Lanka
Sri Lanka Economic Crisis
Ministry of Finance Sri Lanka
By Wayomi
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
ඒ, විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවිනි.
මෙරට විදේශ සංචිතවලට වන බලපෑම ඉදිරි කාලයේ දී තවදුරටත් පීඩාකාරී වන බැවින්,මෙම ආනයන සීමා කිරීම කඩිනමින්ම කළ යුතු බවයි මහ බැංකුව දන්වා ඇත්තේ.
ඒ අනුව ඉන්ධන ,ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් අවශ්‍ය බැවින්,අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කරන ලෙස මහ බැංකුව මෙලෙස දැනුම් දී ඇති අතර ඊට අමතරව,විවෘත ගිණුම් ක්‍රමය සහ භාණ්ඩ විකිණීමෙන් පසුව මුදල් ගෙවීමේ පදනම යන ගෙවීම් ක්‍රම යටතේ භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කරන ලෙසද මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |