ආනයනය සම්බන්ධයෙන් ඉදිරියේදි තවත් තීරණයක්..?

By Sithumi Jan 13, 2023 12:51 PM GMT
Sithumi

Sithumi

Report

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි අනුමැතිය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබුණා. ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළකර තිබෙනවා.  

ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියේ සංචාරක, රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ ගෙන්වීමට අවසර ලබාදීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩලබා දීම බවයි.

  එසේ නොවනවිට කළු කඩ ව්‍යාපාර බිහිවීම වැළැක්විය නොහැකි බවද කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වුණු අතර තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ පළකොට තිබූ විදේශ විනිමය පනත යටතේ නියෝග සඳහා ද කාරක සභාවේ අනුමතිය හිමිවුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now