බිත්තර ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මෙන්න මේකයි.. බිත්තරයක මිල?.

Sri Lanka Food Crisis Egg Latest Headlines Decision Making Import
By krishani Aug 11, 2024 01:08 PM GMT
krishani

krishani

Report

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

බිත්තර ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මෙන්න මේකයි.. බිත්තරයක මිල?. | Import Of Eggs

ඒ ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු තරගය මේ මාසයේ දී මෙරටට ලැබීමට නියමිත බවයි.

තවත් දේශපාලන ප්‍රබලයෙක් ජනාධිපතිවරණයට..

තවත් දේශපාලන ප්‍රබලයෙක් ජනාධිපතිවරණයට..


මෙවර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදු වේ.

ඒ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ය.

වැට් ඇතුළු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කෙරෙන බවත් මීට පෙර මෙන් ආනයනය කරන එම බිත්තර ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..


මේ වනවිට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම හේතුවෙන් යළි බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබිණ.

එමෙන්ම, දේශීය බිත්තර වෙළෙදුන් අසීමිත ලෙස බිත්තර වලින් ලාභ ලබන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

අද රෑ වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අද රෑ වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මීට පෙර බිත්තර ආනයනය නතර කිරීමෙන් පසු බිත්තර වෙළෙදුන් වැඩි මිලට බිත්තර අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කෑ බවත් ඉන් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු වූ බවත් ය.

ReeCha