විදුලි උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන් බෝට්ටුවලින් හොරෙන් ගෙනෙති..

Import luxery items Electric items
By Sithumi Jul 11, 2021 01:09 PM GMT
Sithumi

Sithumi

Report

රේගු නීති රීති උල්ලංඝනය කරමින් මාලදිවයිනේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බඩු භාහිරාදිය තොගයක් බේරුවල ධීවර වරායේ ගොඩබා මින් සිටිය ධීවර කාර්මික පුද්ගලයින් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට බේරුවල ධීවර වරාය වෙරළාරක්ෂක බලකාය කටයුතු කර තිබේ .

අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ ධීවරයින් පිරිසකි . විදුලි උපකරණ , සැමන් ටින් , ටොෆි චොකලට් , නිමි ඇඳුම් , සුවඳ විලවුන් තොගයක් වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබේ . සැ

කකරුවන් ඉකුත් මාර්තු මාසයේ බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර, මුහුදු සීමාව පසු කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බවත් ,එහිදී මොවුන්ට උදව් කළ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ සේවය කරන කරන පුද්ගලයෙකු විසින් ලබාදුන් භාන්ඩ මෙරටට රැගෙනවිත් ඇති බවටත් සැකකරුවන් ප්‍රකාශ ලබාදී ඇතැයි පැවසේ .

සැකකරුවන් බේරුවල ධීවර පරීක්ෂක වෙත භාර දී ඇති අතර , රේගුවට හෝ බේරුවල පොලීසියට භාර දීමට නියමිත බැව් පැවසේ 

ReeCha