හෝමූස් යළි ඇවිලෙයි.. නාවිකයින් 11,000 ක් සිටි නෞකාවකට ප්‍රහාර - UN එකත් සැලසුම් සියල්ල අත්හිටුවයි
හෝමූස් සමුද්‍ර සන්ධියේ ජල මාර්ගය හරහා ගමන් කරමින් සිටි භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව එහි සිරවී සිටි නාවිකයින් 11,000 කට වැඩි පිරිසක් ඉවත් කිරීමට සැලසුම් කර තිබූ සැලසුම් අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සංවිධානයේ ප්‍රධානී අර්සෙනියෝ ඩොමින්ගුස් සඳහන් කර ඇත්තේ බෝට්ටු කිහිපයක් දැනටමත් ඉවත් කර ඇති වුවත් ඒජන්සියට අවශ්‍ය වූයේ "අවශ්‍ය ආරක්ෂක සහතික" දිගටම ක්‍රියාත්මක වන බව සහතික කිරීමට බවයි.
මේ අතර බ්‍රිතාන්‍ය සමුද්‍ර ආරක්ෂක ඒජන්සිය ඊයේ(25) දින වාර්තා කළේ ඕමානයේ ඩහිත් වරායට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 7.5 ක් දුරින් "නාඳුනන ප්රක්ෂේපණයක්" නෞකාවක ගැටී ඇති බවයි.
එහෙත් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් සඳහන්. මේ අතර සමුද්‍රීය අවදානම් කළමනාකරණ සමාගමක් වන වැන්ගාඩ් සඳහන් කර ඇත්තේ, සිංගප්පූරු ධජය සහිත එවර් ලව්ලි නෞකාව ප්‍රහාරය නොතකා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවයි.
එමෙන්ම අමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව ඉරානය නෞකාවට වෙඩි තැබූ බව අමෙරිකානු නිලධාරීන් සඳහන් කළ බව වාර්තා වේ.
කෙසේ වෙතත් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීමට ඉරානය විසින් පිහිටුවන ලද ආයතනය සඳහන් කර ඇත්තේ, නම් කරන ලද මාර්ගවලින් පිටත ගමන් කරන යාත්‍රා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කළ නොහැකි බවයි.
ඒ අනුව පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය X හි සටහනක දක්වා ඇත්තේ, "අනවසර මාර්ග භාවිතා කිරීමෙන් පැන නගින ඕනෑම ප්රතිවිපාකයක් යාත්‍රාවේ හිමිකරු, ක්‍රියාකරු සහ ස්වාමියාගේ වගකීම වේ"යනුවෙන්.