IMF තෙවැනි සමාලෝචනය එළඹෙන 28 දා

By Gagana News Feb 24, 2025 05:45 AM GMT
Report

 ලබන 28 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තුන් වැනි සමාලෝචනය ඉදිරිපත් වන බවත්, එය අවසන් වූ පසුව සිව්වැනි වාරිකයෙන් මෙරටට ලැබිය යුතු ඩොලර් මිලියන 335ක මුදලක් ලැබීමට නියමිත බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) ප්‍රකාශ කළේය.

2025 වසර සඳහා වන අය-වැය විවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ.

දේශබන්දුට තවත් නඩුවක්!!!

දේශබන්දුට තවත් නඩුවක්!!!

බංකොලොත් කර තිබූ රට යථා තත්ත්වයට පත් කිරීමට නිෂ්පාදන ආර්ථිකය පදනම් කර ගනිමින් කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව අනුගමනය කරනවා. මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා.

වත්මන් ආණ්ඩුව සියලු කටයුතු කරන්නේ ජනවරමට අනුකූලව මිස ජනවරමට පටහැණිව නොවේ. පසුගිය වකවානුවේදී සිදු වූ දූෂණ, වංචා අක්‍රමිකතා සහ ඝාතන ආදියට එරෙහිව ඉතාම විධිමත් පරීක්ෂණ යන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. එම විමර්ශන සියල්ල නීත්‍යනුකූල ලෙස පිළිවෙළට සිදු වෙනවා. රටේ වැරදි සංස්කෘතියක් ඇති කළ, ආර්ථිකය විනාශ කළ අයට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා.”

ඡන්දය තියන්නේ කවදාද? මැ.කො කියයි

ඡන්දය තියන්නේ කවදාද? මැ.කො කියයි