ශ්‍රී ලංකාවට IMF එකෙන් සුබ ආරංචියක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නැවත තහවුරු කර ඇත.
ඒ අනුව මෙම අදහස් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති හමුවකදී බව සඳහන්.
අඳාළ හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පවත්වා තිබෙනවා.
එසේම මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද එක්ව සිටි බව සඳහන්.