IMF එකෙන් ලංකාව ගැන සුභම සුභ ආරංචියක්

Report

ලබන වසරේ 2026 ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, තෝමස් හෙල්බ්ලින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පවසා ඇත.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකායේ රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවත් පසුගිය වසරේ වර්ධනය 5% ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් බවත්ය.

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වැඩිදුරටත් ඔවුන් සදහන් කර ඇත්තේ මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව, ඇතැම් වර්ධනයන්හි බලපෑම තාවකාලික බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර, 2024 සහ 2025 දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකිවනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් විය.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි