ලංකාව ගැන කියා චීන අගමැතිගෙන් IMF එකට කෝල් එකක්..
චීන අග්‍රාමාත්‍ය ලී කිකි යෑං ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බවයි. IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ, මේ සඳහා අනෙකුත් පාර්ශව වල සහභාගීත්වය අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාව පමණක් නොව ආර්ථික අර්බුද වලට ලක්ව ඇති අනෙකුත් රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට චීනයේ සහය අපේක්ෂා කරන බව මෙහි දී මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂකවරිය අගමැතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙසින් මෙරට ණය බරින් සියයට 52ක් පමණ චීනයෙන් ලබාගෙන ඇති බවත් එම ණය පියවීම සඳහා වූ කාලය පිළිබඳව ආනයන අපනයන බැංකුව සමග සාකච්ඡා කරන බවත් චීන රජය ප්‍රකාශ කර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යාංශය විසින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුවේදීයි මේ පිළිබඳව අනාවරණ වී ඇත්තේ. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහය ලබාදෙන බවට චීනයේ අපනයන, ආනයනය බැංකුව සහතික වී ඇති බවටයි වාර්තා වන්නේ.
මීට අමතරව, කෙටිකාලීන ණය පහසුකම් ගෙවීම සදහා වසර දෙකක කාලයක් ලබාදීමට ද චීනය අවධානය යොමුකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
