අරුම පුදුම බිස්නස් එකක් හිටිහැටියේම මාට්ටු වුන හැටි.. (PHOTO)
සමාජ ජාලා මාධ්‍ය භාවිත කරමින් ඇත් දළවලින් නෙළන ලද රැජිනකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙලා ඇති පිළිමයක් අලෙවි කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාපලාන, ශ්‍රී පලාබද්දල, රත්නපුර ප්‍රදේශයේ දී සමාජ ජාලා මාධ්‍ය යොදා ගනිමින් මිල අධික ඇත් දලවලින් නෙළන ලද රැජිණකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙළා ඇති උස අඟල් 11, බර කිලෝ 01 ග්‍රෑම් 598 ක් බරැති පිළිමයක් ඉතා සූක්ෂම ලෙස අලෙවි කිරීමට තැත් කිරීමේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී.
වයස අවුරුදු 46 ක පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ පිළිමය වැඩිදුර විමර්ශන සඳහා සිරිපාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
