දළදා පෙරහැරට එක් වූ අලි ඇතුන්ට පැවති රෝගී තත්වයක් ගැන අනාවරණයක්. - තවත් රෝග පරීක්ෂණයකට සැරසෙයි.
Sri Lanka
Elephant
By Wayomi
නුවර දළදා පෙරහැරට එක් වූ අලි ඇතුන්ගෙන් බහුතරයකගේ හිමොග්ලොබින් අඩු බව කරන ලද පරික්ෂා කිරිම්වලදී අනාවරණය වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.
ඒ, අනුව අලි ඇතුන් 22කුගේ සෞඛ්‍ය වාර්තාවන් පෙරහැර අවසන් වීමත් සමඟම හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා.
මහාචාර්යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, අලි ඇතුන්ට කලට වේලාවට පණුබෙහෙත් ලබා නොදීම මීට හේතු වී ඇති බවයි.
එමෙන්ම මෙම සතුන්ගේ බරවා රෝගය පරික්ෂා කිරීම සඳහා රුධිරය ලබා ගැනීම හිමිදිරි පාන්දරින් සිදුකළ යුතු අතර එම පරික්ෂණයන් ද සිදුකරන බවයි තව දුරටත් අවධාරණය කර සිටියේ.
