ඩුබායි වලින් මෙරටට ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් මාට්ටු
නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට ගෙන තිබේ.
අද (10) මෙම සුවඳ විලවුන් තොගය සොයාගෙන ඇත්තේ, රාජගිරිය ගොතටුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදීය.
ඒ වගේම මෙම සුවඳ විලවුන් තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වූ ඒවා බව වාර්තා වී ඇත.