නීතිවිරෝධී මැණික් අපනයනය ඉහළ යයි

Report

නීතිවිරෝධී ලෙස මැණික් අපනයනය කිරීමේ සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කර තිබේ .

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හික්කඩුව ප්‍රදේශයේ පැවති මැණික් සහ ස්වර්ණාභරණ වෙ‍ෙළඳ ප්‍රදර්ශනයකට එක්වෙමිනි .

අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබන්නේ මැණික් ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය නිසි පහසුකම් නොලැබීම මෙම තත්ත්වය සදහා බලපා ඇති බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ මෙවන් අදහසක්

"නීත්‍යානුකූල නොවන ක්‍රමයට රටින් මේ මැණික් එළියට යවන්න පෙළඹෙන ප්‍රමාණය වැඩියි. මොකද නීත්‍යානුකූල ක්‍රමයට කටයුතු කරන්න ගියාම කාලය යනවා. රස්තියාදු වෙනවා. පගාව දෙන්න වෙනවා. කරදර වෙන්න වෙනවා. එකම මැණික් ගලට තුන් හතර පාර ගාස්තු අය කරනවා. ඉතින් ඒක නිසා මිනිස්සු නිතැතින්ම පෙළඹෙන දෙයක් වෙලා තියෙනවා දැන් නීත්‍යානුකූල ක්‍රමය පැත්තක තියලා නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් රටින් මැණික් පිට කරන්න. ඒ වගේම රටට ඒ මැණික්වලින් හරි හමන් ආදායම වාර්තා වෙන්නේ නෑ. ඒක වෙලා තියෙන්නේ මේ කර්මාන්තය නිදහස් කර්මාන්තයක් හැටියට නෙවෙයි තියෙන්නේ. කර්මාන්තයේ අපි දැකපු අත්දැකීම තමයි මේ කර්මාන්තයේ නියැලෙන අයට මේකෙ රැඳිලා ඉන්න තියෙන ආසාව ඇති කරන මට්ටමට වඩා තියෙන්නේ, මේ කර්මාන්තය එපා කරවන මට්ටමක්. ඒ නිසා මේකෙ අවංකව ආදායම හෙළිදරව්වීමක් වෙන්නේ නෑ. ඒකෙන් වෙලා තියෙන පාඩුව තමයි රටේ ජාතික නිෂ්පාදයෙන් විශාල වටිනාකමක් ඩොලර් බිලියනයක්, බිලියන දෙකක් විතර එකතු වෙන්න ඕනි ඉලක්කමක් ඩොලර් මිලියන 200ක 300කට සීමා වෙලා තියෙනවා.

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

 

පසුගිය කාලයක් තිස්සේ මැණික් කර්මාන්තයෙන් රටට ගේන්න පුළුවන් ඇත්ත ආදායම ලැබිලා නෑ. අපිට වාර්ෂිකව ලැබෙන්නේ ඩොලර් මිලියන 200ක 300ක වගේ බොහොම පොඩි ආදායමක්. නමුත් මේක අගය එකතු කිරීම් පැත්තෙන් දියුණු කිරීම් පැත්තෙන් මීට වඩා විශාල ආදායමකට යන්න පුළුවන් එකක්. ඒකෙදි පළවෙනි දේ තමයි අපේ රටට අගය එකතු කිරීම සඳහා ගෙන්නන මැණික්වල ආනයනය කරන මැණික්වලට පාර්සලයකට එක බද්දක් පමණක් අය කරා. ඒකට කැබිනට් මණ්ඩලයත් අපි අනුමත කරලා. දැන් අපට තියෙන්නෙ අවසාන පියවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන එක. අපි හිතනවා අලුත් අවුරුද්දේ පළවෙනි ක්‍රියාමාර්ගේ විදියට පළවෙනි පාර්ලිමේන්තු වාරයකදීම ඒක අපට සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකෙදි අපි බලන්නේ නෑ ඒ මැණික් පාර්සලයේ තියෙන මැණික් ප්‍රමාණය ,වටිනාකම ඒක අපිට අදාළ වෙන්නේ නැ අපි බලන්නේ පහසුවෙන් ලංකාව ඇතුළට මැණික් ටික ගේන්න. ඒකට අගය එකතු කිරීමෙන් තමයි අපේ රටේ ආදායම වැඩි වෙන්න ඕනි."   


අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න