රුපියල් කෝටි 12කට අධික නීතිවිරෝධී දුම්වැටි තොගයක් කොළඹ වරායෙන්
By Dilasha
රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර එම දුම්වැටි තොගය කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක සඟවා තිබියදී රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් විසින් සොයා ගත් බව වාර්තා වේ.
එහිදී දුම්වැටි 713,000ක පමණ තොගයක් සොයා ගෙන ඇති බව රේගු නිලධාරීන් සඳහන් කළේය.
මෙම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කරන ලද භාණ්ඩ ඇසුරුම් තුළ සඟවා තිබියදී සොයා ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.
අදාළ දුම්වැටි වල වටිනාකම රුපියල් 124,019,554ක් වන අතර එමඟින් රජයට රුපියල් 107,985,621ක් අහිමි කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.